ඔබ මගේ කියා
මම හිතනවා
මම ඔබේ කියා
ඔබ හිතනවා!
(නිකන් හිතට ආවට ලීවේ)
A display of sinhala poetic & lyrical creations of an aspiring artist....
Tuesday, December 28, 2010
Wednesday, December 15, 2010
Monday, December 13, 2010
Sunday, November 28, 2010
Thursday, November 25, 2010
Tuesday, November 9, 2010
Sunday, October 10, 2010
Tuesday, September 28, 2010
Sunday, September 26, 2010
Thursday, September 23, 2010
Wednesday, September 22, 2010
Tuesday, September 21, 2010
ලස්සන දුටුවෙම්...!
මේක ලියන්න හිතුනේ ආදරයේදි ආදරය කියන සිද්ධියට බාහිර සාධක වල නොගැලපීම බල නොපානව කියල කෙනෙක් සිතුවොත් ඔහුගේ ඒ සිතිවිලි කොහොම වෙයිද කියලා හිතුන වෙලාවක!
කියවලා බලන්නකෝ
Saturday, September 18, 2010
Friday, September 17, 2010
මම උඹව...
සතියකින් විතර මේ පැත්තේ එන්නත් බැරි වුනා
කියවලා බලන්නකෝ මේ පද ටික එහෙනම්
කියවලා බලන්නකෝ මේ පද ටික එහෙනම්
හෙවනැල්ල මෙන් ආපු
උඹෙන් මම බැට කාපු
යලි යලිත් එහි බැඳුන
ලෝල කම මල ගැහුන
පිස දාමි රෙදි කඩින්
වෙර යොදා ගොතාලපු
උඹෙන් මම බැට කාපු
යලි යලිත් එහි බැඳුන
ලෝල කම මල ගැහුන
පිස දාමි රෙදි කඩින්
වෙර යොදා ගොතාලපු
Friday, September 10, 2010
Wednesday, September 8, 2010
නංගිලාට
මේකත් මේ සත්‍ය අත්දැකීමක් නිසා ලියන්න හිතුනා
අපේ පොඩි පොඩි නොසැලිකිලිමත් කම් නිසා සමහර විට අපරාදේ කියල හිතෙන වැඩත් වෙනවා නේ
අපේ පොඩි පොඩි නොසැලිකිලිමත් කම් නිසා සමහර විට අපරාදේ කියල හිතෙන වැඩත් වෙනවා නේ
Tuesday, September 7, 2010
Saturday, September 4, 2010
Wednesday, September 1, 2010
Tuesday, August 31, 2010
" බූකන්වෝල්ඩ්" නිදහස
මේක මම ලීවේ "බෘනෝ ආ(ර්)පිට්ස් කියන 2- ලෝක යුද්ධයේදි නාසි කෘර සිර කඳවුරක (concentration camp) සිට දිවි බේරාගත් ලේඛකයෙක් ලියපු පොතක් - naked among wolves (සිංහල පොත - "වෘකයන් අතර නග්නව") කියෙව්වාට පස්සේ
හරිම ලස්සන පොතක්
කියවල නැත්නම් අනිවාර්යයෙන්ම කියවන්න හරි සංවේදි පොතක්
(ඔය කතාව ඇසුරින් හදපු චිත්‍රපටයකුත් තියෙනවා ඔය නමින්ම)
ඉතින් මගේ මේ පද ටක කියවලා ඔයාලට හැගෙන්නේ මොකක්ද කියලා බලන්නකෝ
Monday, August 30, 2010
"බුක්"
අන්තිමේදී "ජබුක්" තමයි!
මේ "බුක්" ගොඩට තව ඕනනම් "ස්ටෝරි බුක්" "පාස් බුක්" "ටෙක්ස් බුක්" එහෙමත් එකතු කරන්න පුලුවන්!
Saturday, August 28, 2010
Sunday, August 22, 2010
පිපිදුන තනිකම...
තනිකම
ඔයා නම් මාරයි
නියම කල්‍යාණ
මිතුරෙක් වුනා නුඹ
සැම දාම හැම තැනම
මගේ දුක බෙදා ගති
සතුටෙදිත් ලඟ උන්නා
තනිකමේදි ඔයා විතරයි
මගේ ලඟ
නොතනියට හිටියේ!
Wednesday, August 18, 2010
Thursday, August 12, 2010
Friday, August 6, 2010
Thursday, August 5, 2010
මව් පිය සෙනෙහස ගැන මේ හදිස්සියේ හිතිලා ලීවේ
ආදරයක් ලඟ නැවතිලා මගේ හිත
ටික මොහොතක් මට සිනහව දුන්නා
ඊලඟ මොහොතේ එය මා තනකර
පියඹලා ඈතට
ආයෙත් දවසක නාඹර ආලය
මගෙ ලඟ දැවටෙයි
රවටයි මගේ මන සිහිනය
සිත්තම් කරමින් යලි යලි
ඒ සිහිනය පරවෙයි මා ලග
හදවත ආයෙත් හීතලේ තනියම
නිනදක් අමතයි මම එහි ඇවිදියි
යන්තම් ඈතින් පෙනෙනා ඡායා
පෙලවයි මොහොතක් මගෙ ලය
ලජ්ජා සාගරයක
අම්මගේ ආලය තරමට නොවෙනස්
උපමා ඇත්දැයි තව කොතැනකවත්!
ටික මොහොතක් මට සිනහව දුන්නා
ඊලඟ මොහොතේ එය මා තනකර
පියඹලා ඈතට
ආයෙත් දවසක නාඹර ආලය
මගෙ ලඟ දැවටෙයි
රවටයි මගේ මන සිහිනය
සිත්තම් කරමින් යලි යලි
ඒ සිහිනය පරවෙයි මා ලග
හදවත ආයෙත් හීතලේ තනියම
නිනදක් අමතයි මම එහි ඇවිදියි
යන්තම් ඈතින් පෙනෙනා ඡායා
පෙලවයි මොහොතක් මගෙ ලය
ලජ්ජා සාගරයක
අම්මගේ ආලය තරමට නොවෙනස්
උපමා ඇත්දැයි තව කොතැනකවත්!
Sunday, August 1, 2010
ආහ් ! සුන්දරද ආදරය මෙතරම්....
මම දන්නේ නෑ මම මේ තරම් ආදරේ ගැන ලියන්නේ ඇයි කියලා ( මගේ හිත කියනවා... ගනන් ගන්න එපා අපේ ප්‍රවීනයන්ගේ නිර්මාණ බැලුවත් 50% ට වැඩිය ඉතින් ආදරය ගැන තමයි ලියලා තියෙන්නේ.... ආදරය ඒ තරමටම සුන්දරයි නේ.....)
ටික දවසක් තිස්සේ බ්ලොග් එකට මොකුත් දාන්නත් බැරිවුනා. ඉතින් ඔන්න මම කාලෙකට පස්සේ පල කරන පලමු පද පෙල
මේක මට ගලපන්න හිතුනේ අතිශයම සුන්දර ආදරයක් බැරිවෙලාවත් අපව දාලා ගියහොත්.... කියලා මගේ යාළුවෙක් මට කියපු වෙලාවක
ඉතින් එහෙම ඒවා නොවෙනවා නොවෙයි නේ!
ඉතින් එහෙම ඒවා නොවෙනවා නොවෙයි නේ!
Thursday, July 22, 2010
Tuesday, July 20, 2010
මල්
හැංගෙන්න මල් එක්ක
සුවඳත් අරන්
මුමුණන්න මට ලංව
රහසින් මුවින්
ඔබ එන්න
මං ඉන්නවා ඈත
ආකාශයේ
තරු එක්ක
රන් හීන
පුරවං සිතින්
සුවඳත් අරන්
මුමුණන්න මට ලංව
රහසින් මුවින්
ඔබ එන්න
මං ඉන්නවා ඈත
ආකාශයේ
තරු එක්ක
රන් හීන
පුරවං සිතින්
Thursday, July 15, 2010
ෆෑන් එක
වේගෙන් කැරකෙන
පෙති ටික ඔතාන
යනවද අහකට
වදයක් නොවෙමින්
වද වෙන
හදකට
පෙති ටික ඔතාන
යනවද අහකට
වදයක් නොවෙමින්
වද වෙන
හදකට
පිස්සුද ඔයාට
මම දැන් ගියහොත්
දාඩිය ඉතිරී
ගඳවෙයි ඔයාව
එබැවින් ඉන්නම්
ලඟින්ම ඔයාගේ!
මම දැන් ගියහොත්
දාඩිය ඉතිරී
ගඳවෙයි ඔයාව
එබැවින් ඉන්නම්
ලඟින්ම ඔයාගේ!
Monday, July 12, 2010
Sunday, July 11, 2010
දවසේ මුල්ම නිර්මාණය විදිහට වෙනස් ආරක නිර්මාණයක් දාන්න හිතුනා..
පහුගිය කාලේ නම් ජාතිකාභිමාණී ගීත කියල හතු පිපෙනවා වගේ සිංදු ලංකාවේ හැදුනා. හැබැයි ඒවායෙන් කීයෙන් කීයක් සැබැවටම ඒ අරමුණ ඉටු කලාද කියන එක නම් හුඟක් අයට පොඩි කුතුහලයකට තුඩු දුන් කාරණයක් වුනා. ඔන්න මමත් ඉතින් ඒ වගේ පොඩි උත්සහයක් ගත්ත වෙලාවක කුරුටු ගාපු දෙයක් තමයි මේ.
"හැබැයි මම මේක කලේ පසුගිය අන්තිම යුද්ධය ඇරඹෙන්න නම් ඉස්සරලා"
Friday, July 9, 2010
අද දවස හමාර කරන්න ඉස්සර වෙලා මේක ලියල තියන්න හිතුනා..
ආදරී සිහිනයෙන් සරා
ඉගිලිලා එන්න මා සොයා
සරාගී බැල්ම මා දවා
ඉගිලිලා යන්න නම් එපා
හද විලේ කැලතෙනා හැඟුම්
ආදරෙන් සතපමින්
මාලති මල් රටා මැදින්
ඉන්න මා ලඟ සිතින්
දිය කිඳුරියන්ගෙන් මිදී
පුංචි හිම ලෝකයේ
හිමම හිම කුමරියක් වෙලා
ඉන්න හද මානයේ
සීතලෙන් ලං වෙනු බලා
දෙව්ලියෝ මල් රටා ඉසී
ඒ රටාවන් පාට දා
අදින්නම් ඔබ සිත් මතින්
ඉගිලිලා එන්න මා සොයා
සරාගී බැල්ම මා දවා
ඉගිලිලා යන්න නම් එපා
හද විලේ කැලතෙනා හැඟුම්
ආදරෙන් සතපමින්
මාලති මල් රටා මැදින්
ඉන්න මා ලඟ සිතින්
දිය කිඳුරියන්ගෙන් මිදී
පුංචි හිම ලෝකයේ
හිමම හිම කුමරියක් වෙලා
ඉන්න හද මානයේ
සීතලෙන් ලං වෙනු බලා
දෙව්ලියෝ මල් රටා ඉසී
ඒ රටාවන් පාට දා
අදින්නම් ඔබ සිත් මතින්
Subscribe to:
Posts (Atom)