Monday, June 27, 2011

දෙපා දඩු....!

සුළඟ ඇවිදින් කොඳුරමින්
කියූවත් තව්තිසාවක රහ
රූප ඡායා මැකුන
දෙපයින් කොහේ යන්නද
පාලු මයේ ගත
වාරූ දී

අඳුරු ඡායා තිබුන කාලයේ
මට නොතේරුනේ
කිමද දෙවියනි
දෙපා දඩු වල අගේ මේ සා
මහඟු යැයි!

4 comments:

  1. අගේ ඇති පද පෙළක් මල්ලියේ. ගත වාරු නැතිදා මැකුන සිතුවම් කුමට අඳිනුද? අඳුර පරදා අඳිනු මිස හදවත් කලාගාරයේ.

    ReplyDelete
  2. ලස්සනට ගලපලා තියනවා ......
    ඇත්ත කතාවක් ........

    ReplyDelete
  3. බොහෝ දේ ලඟ ඇති විට අගයක් නැහැ, ඒවා නැති වූ දා තමයි අඩුව තේරෙන්නේ - විශේෂයෙන් මිල මුදලට අරන් පිරිමහගන්න බැරි දේවල්. ඔබේ පදපෙළින් එය මනාවට පැහැදිලි කරනව...

    ReplyDelete
  4. @ගොඩක් ස්තතියි චාන්දි අක්කා
    පංසල් හංදියේ සහොදරයා ස්තුතියි ඔයාටත්
    ඒක ඇත්ත ඩීන් අයියා--- අපිට ගොඩක් දේවල් වල අගය තේරෙන්නේ ඒවා ලඟ නැති විට!ස්තුතියි ඔයාටත්

    ReplyDelete