Sunday, May 19, 2013

ආකාශයේ...

සුවඳ මල් ලඟ
සුවඳ නොදැනෙන
පාට මල් වල
පාට නොපෙනෙන
හමන සුළඟේ
පහස නොගැටෙන

ආකාශයක
තනි වෙද්දි
නොතනියට
මා ලඟින්
මට හිටියේ
මගේ හිත
නුඹමයි...

2 comments: